brand logo

තවත් පොලිස් නිලධාරීන් 56ක් නිරෝධායනයට

30 November 2020

වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් 56දෙනෙකු නිවෙස්වල නිරෝධායනයට යොමු කර තිබේ. මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසුවේ අදාළ පොලිස් නිලධාරීන් සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කළ බවයි. ඊට හේතුවී තිබෙන්නේ වැලිපැන්න පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පී.සී.ආර්. පරීක්ෂණයකින් කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගය. එම ස්ථානාධිපතිවරයා වැලිපැන්න පොලිස් ස්ථානයේ වැඩ භාරගෙන දින දෙක පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කර ගත් බව සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සදහන් කළේය. ඒ පොලිස් ස්ථානයේ සහ බැරැක්කවල නවාතැන් ගෙන සිටින නිලධාරීන් ද එම ස්ථාන තුළම නිරෝධායනය යොමු කර ඇත.
 

More News..