brand logo

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

17 January 2021

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම සහ බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරි වසම මෙලෙස හුදකලා කර ඇත. එමෙන්ම මාතලේ පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් තුනක් හුදකලා කර තිබේ. වරකාමුර ග්‍රාම නිලධාරි වසම (356), මීදෙනයි ග්‍රාම නිලධාරි වසම (356 බී) සහ දෙහිපිටිය ග්‍රාම නිලධාරි වසමේ (356 ඒ) මාත්තාව ගම්මානය මෙලෙස හුදකලා කර ඇති අනෙකුත් ග්‍රාම නිලධාරී වසම් වේ.
 

More News..