brand logo

තවත් ප්‍රදේශ කිහිපයක් වහාම හුදකලා කරයි

02 November 2020

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමග තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබේ. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල සහ බුලත්කොහුපිටිය යන පෙලිස් බලප්‍රදේශ හුදකලා කර ඇති බවයි. එමෙන්ම ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.  
 

More News..