brand logo

තවත් ප්‍රදේශයකට සංචරණ සීමා පනවයි

07 January 2021

මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබේ. එම ගම්මානයේ එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගත් බව මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතා පවසයි. වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් 172දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර තිබේ. එමෙන්ම පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සහ පී.සී.ආර්. පරීක්ෂණයන් සදහා යොමු කර ඇති බව පණ්ඩුල වීරසිංහ මහතා සදහන් කරයි. කොවිඩ් ආසාදනය වූ එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි එම පවුලේ පළමු ආසාදිතයා පුත්තලමේ සිට පැමිණ ඇති අතර, පසුව පවුලේ අනෙකුත් සාමාජිකයින් සිව්දෙනෙකුට ද වෛරසය ආසාදනය වී තිබේ. පවුලේ පළමු ආසාදිතයා පුත්තලමේ පැවැති විවාහ මංගල්‍යය උත්සවයකට ද සහභාගි වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. කෙසේ වෙතත් මේ වන විට එරුක්කලම්පිඩ්ඩි ගම්මානයට ආරක්ෂ අංශ යොදවා සංචරණ සීමා පනවා ඇති අතර, ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව සංචරණ සීමා වෙනස් විය හැකි බව පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..