brand logo

තවත් ප්‍රදේශයකට අගුළු දමයි

21 November 2020

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය මීට සුළු වේලාවකට පෙර හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ අටුළුගම ප්‍රදේශයෙන් එකවරම කොවිඩ්-19 ආසාදිතයින් 17දෙනෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බවයි. ඒ අනුව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.
 

More News..