brand logo

තවත් දවස් 45ක් බිත්තරේ නොසෙල් වෙයි

21 June 2020

ඉදිරි මාස 1 1/2ක පමණ කාලයක් යනතෙක් බිත්තර මිල පහළ නොබසින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනය කරන්නන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි. රටේ පැවැති ඇඳිරිනීති තත්ත්වය හමුවේත් ආනයන සීමා හේතුවෙනුත් කුකුළු කෑම හිඟයත් කුකුළු කෑම මිල ඉහළ යාමත් යන කරුණු හේතුවෙන් මේ වන විට බිත්තර නිෂ්පාදනය සියයට පණහකින් අඩු වී ඇති බව ඔහු පවසයි. සතුන්ට අවශ්‍ය ප්‍රෝටීන් ආහාර හිඟය හේතුවෙන් බිත්තර නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස පහළ බැස තිබේ. සියයට 18% ක් වූ ප්‍රෝටීන් ආහාර වෙනුවට ගෙවුණු කාලයේ සතුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා පමණක් සුළු ප්‍රෝටීන ප්‍රමාණයක් ලබාදීම නිසා බිත්තර නිෂ්පාදනය අඩු වී තිබේ. එමෙන්ම මේ වන විට බඩඉරිඟු කිලෝග්‍රෑමයක මිල රුපියල් 25කින් ඉහළ යෑම නිසාත් බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 14.70 ක මිලක් වැය වන බවද සභාපතිවරයා සඳහන් කළේය. එබැවින් පසුබැසීමට ලක් වූ බිත්තර නිෂ්පාදනය වැඩි වීමට තවත් මාස එකහමාරක් පමණ කාලයක් ගත විය හැකි බව ඔහු සඳහන් කර සිටී. චමින්ද සේනාරත්න
 

More News..