brand logo

තවත් ගම්මාන දෙකක් හුදකලා කරයි

02 November 2020

පන්නල සෞබ්‍ය බල ප්‍රදේශයට අයත් ගම්මාන දෙකක් හුදකලා කර තිබේ. පන්නල සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ ඊයේ (01) පස්වරුවේ සිට පන්නල - හියවල සහ ආසිරිගම යන ගම්මාන දෙක මෙලෙස හුදකලා කර ඇති බවයි. පන්නල ප්‍රාදේශීය සභාවේ කම්කරු සේවයේ රාජකාරී නියුතු තිදෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට අද (01) තහවුරු වීමත් සමග මෙම පියවර ගත් බව එම සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය. එම ගම්මාන දෙකේ පවුල් 65 කට ආසන්න සංඛ්‍යාවක් පමණ ජීවත් වන බව පන්නල සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..