brand logo

තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

11 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙක් මියගොස් තිබේ. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ යනු ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර, ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත. මෙම රෝගියා මියයාමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් හදුනාගෙන ඇත. මරණයට හේතුව වශයෙන් දැක්වෙන්න ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්නවීමේ සහ ස්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාවයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.  
 

More News..