brand logo

තවත් කොවිඩ් ආසාදිතයින් 677ක් - මරණ 16ක්

14 January 2022

කොවිඩ් මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි  මෙරට තවත් පුද්ගලයින් 677 දෙනෙකුට COVID-19 ආසාදිත බවට වාර්තා වනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 594,996 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 11,935ක් වන අතර, අද (14) දින සුවය ලැබූ ආසාදිතයින් 171 දෙනෙකු රෝහල්වලින් පිට ව ගියා. ඒ අනුව මෙරටින් සුවය ලැබූ මුළු සංඛ්‍යාව 567,871ක්. මේ අතර අද දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් 16ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතව මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 15,174ක්.
 

More News..