brand logo

තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු හදුනාගැනේ

21 September 2020

කොවිඩ්-19 ආසාදනය වූ තවත් පුද්ගලයින් තිදෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3,290 දක්වා ඉහළ යනු ඇත. අද දිනයේ හදුනාගත් මෙම ආසාදිතයින් තිදෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් වේ. මොවුන්ගෙන් දෙදෙනෙකු ඉන්දීය නාවිකායින් දෙදෙනෙකු වන අතර, අනෙක් පුද්ගලයා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි අයකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මේ වන විට මෙරටින් හදුනාගත් කොවිඩ් ආසාදිතයින්ගෙන් 3100දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. තවත් 177දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෙ$ඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය.
 

More News..