brand logo

තවත් කොරෝනා ආසාදිතයින් 19 ක්

28 June 2020

මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා විය. ඔවුන් සියලුදෙනාම බංග්ලාදෙශයේ ඩකා නුවර සිට පැමිණි අය බව වාර්තා වේ. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2033ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට කොවිඩ්-19 ආසාදනය වී සිටි 1639 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 383 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
 

More News..