brand logo

තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා

04 December 2020

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය කල්දමා ඇත. තරගාවලියේ පළමු තරගය ආරම්භ කිරීමට පැයකට පමණ පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් මේ බව ප්‍රකාශ කිරීම විශේෂ සිදුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නමුත් වෛසරය ආසාදනය වූ ක්‍රීඩකයා පිලිබදව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍යයට මේ දක්වා හෙළිදරව් නොකරන ලදි. මෙම තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස අද පස්වරුවේ ආරම්භවීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් තරගාවලිය පළමු තරගය ලබන ඉරිදා පැවැත්වීම පිළිබදව සංවිධායකයින් විසින් තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 

More News..