brand logo

ඇඟලුම්හලක සේවිකාවක් හිටිහැටියේ මියගිහින්

30 October 2020

ගිරිඋල්ල පොලිස් වසමට අයත් බළගොල්ල නාරන්ගොඩ පදිංචි තරුණියක් නිවසේ සිටියදී අද (30) හදිසියේම රෝගාතුර වී දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. පොලීසිය පැවසුවේ මියගිය තරුණිය පන්නල ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ තරුණියක් බවයි. මෙම තරුණිය නිවසේ සිටියදී උදරය සහ පපුවේ වේදනාවක් ඇති බව පවසා ඇති අතර, පසුව ක්ලාන්තයක් ඇතිවීම නිසා පවුලේ උදයවිය විසින් ඇය දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ. තරුණිය එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. අනතුරුව මියගිය තරුණියගේ සිරුර පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීම සදහා කුලියාපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබේ. පොලීසිය පැවසුවේ මෙම තරුණිය පසුගිය 18 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ගෙන ඇති අතර, එම පරීක්ෂණ වාර්තා වලට අනුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි.
 

More News..