brand logo

තවත් ආසාදිතයින් 49ක් මෙරටින් හදුනාගැනේ

15 October 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 49දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඉන් ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලය සාමාජිකයින් 13දෙනෙකු වන අතර, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටින අය බවයි. අනෙකුත් ආසාදිතයින් 36දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කම්හලේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව අද දින පස්වරු 2.55 වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 1770ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..