brand logo

තවත් ආසාදිතයින් හත්දෙනෙක් පූර්ණ සුවය ලබයි

04 August 2020

කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් හත්දෙනෙක් අද (04) උදෑසන වන විට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 2,524ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (03) දිනයේ මෙරට තුළ ආසාදිතයින් 05දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2,828ක් දක්වා ඉහළ ගොස් ඇත. එම ආසාදිතයින් පස්දෙනා අතරින් සිව්දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි අය වන අතර, අනෙක් ආසාදිතයා ලංකාපුර ප්‍රදේශයෙන් හමුවූ අයෙකුගේ ආශ්‍රිතයෙකු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය. තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 293ක් පමණ වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.    
 

More News..