brand logo

තවත් අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙයි

04 November 2018

තවත් අමාත්‍යවරුන් පිරිසක් අද (04) මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ. එම අමාත්‍යවරුන් වන්නේ , දිනේෂ් ගුණවර්ධන මහතා මහාමාර්ග හා බස්නාහිර සන්වර්ධන අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙසත් , අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කර්යාලය පවසයි. මේ අනුව නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දී තිබේ. අශෝක ප්‍රියන්ත මහතා පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මිට පෙර කටයුතු කළේය.
 

More News..