brand logo

තලාවේ සිදුවූ අනතුරකින් ගැබිණි කාන්තාවක් ඇතුළු 03ක් මරුට

01 July 2019

අනුරාධපුර,කුරුණෑගල මාර්ගයේ තලාව මොරගොඩ ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් ගැබිණි කාන්තාවක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළ අතර එම අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ තිදෙනෙකුය. අනතුරින් බරපතළ තුවාල ලැබූ 6 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත. ඉන් තිදෙනෙකු ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින්ය.
 

More News..