brand logo

තලවැකැලේ ගිනිගත් හා නායයෑමේ අවධානමට ලක් වි ඇති නිවාස සඳහා අලුත් නිවාස 25 ක්

24 June 2019

තලවැකැලේ ප්‍රදේශයේ ගිනිගත් වතු නිවාස සහ නායයමේ අවධානමට ලක් වි ඇති වතු නිවාස වෙනුවෙන් අලුතින් නිවාස 25 ඉදි කිරිමට පියවර. තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ ස්ටෙලින් වතුයායේ ඉකුත් 19 දින වතු නිවාස පේලියක හට ගත් ගින්නෙන් විනාශ වු නිවාස 9 සහ එම වතුයායේ නායයමේ අවධානමකට ලක් වි ඇති වතු නිවාස 16 වෙනුවෙන් නව නිවාස 25 ඉදි කිරිමට පියවර ගන්නා බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය. ගිනිගෙන විනාශ වු නිවාස සහ නායයාමේ අවධානමක ලක් වි ඇති එම වතුයායේ වතු නිවාස පේලිය නිරික්ෂණය කිරිම සදහා අමාත්‍යයවරයා ඊයේ (23) පස්වරුවේ එම වතුයායේ සංචාරය කිරිමෙන් අනතුරුව ගිනිගැනිමෙන් සහ නායයමේ අවධානමකට ලක් වි ඇති නිවාස වල පදිංචි කරුවන් සමග සාකච්ඡා කිරිමෙන් අනතුරුව අමාත්‍යයවරයා විසින් ඔවුන් හමුවේ නව නිවාස ඉදි කිරිමට පියවර ගන්නා බව පැවසිය. නව නිවාස 25ක් එම වතුයායේ ඉදි කිරිම සදහා වතු පාලන අධිකාරය මගින් සුදුසු ඉඩමක්ද ලබා දිමට එකගතාවය පල කර ඇත. නව වතු නිවාස 25 ඉදි කිරිම සදහා කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් එක් නිවසක් සදහා රු මිලියනයක ප්‍රතිපාදන වැය කිරිමට නියමිතය. හැටන් රංජිත් රාජපක්ෂ  
 

More News..