brand logo

තලවකැලේ වතු නිවාස 24 ක් ගිනිගෙන විනාශ වෙයි

30 May 2019

හොලිරූඩ් තේ වත්තේ කම්කරු පේලි නිවාස 24 ක් ගිනිගෙන මුළුමනින් විනාශ වු බව පොලිසිය පවසයී. තලවාකැලේ පොලිස් බල ප්‍රදේශයට අයත් හොලිරූඩ් තේ වත්තේ කම්කරු නිවසක ඇතිවු ගිනිගැනිමක් නිසා එම පෙලේ නිවාස 24 ක් මුළුමනින්ම ගිනිගෙන විනාශ විය. එම ගිනිගැනීම 29 දා රාත්‍රි 10.30 ට පමණ ඇතිවි ඇති බවත් එමගින් එම නිවාස වල වාසය කල පවුල් 24 කට අයත් පුද්ගලයින් 100කු අවතැන් වු බව පොලිසිය පැවසීය.ඒ අතර පිරිමි 51 ක් හා කාන්තාවන් 49 ක් වන බවත් 22 කු පාසල් දරුවන් බවත් හෙතෙම අනාවරණය කරයී. ඔවුන් සතුව තිබු බොහෝ දේවල් ගිනිබත් වී ඇති අතර ගින්න ව්‍යාප්තවීමේ සීඝ්‍රතාවය නිසා වටිනා ලියවිලි.උපකරණ හා භාන්ඩ බෙරාගත නොහැකි විය. අවතැන්වුවන්ට තාවකාලිකව හොලිරූඩ් දෙමළ විද්‍යාලයේ නවාතැන් පහසුකම් සලසා දීමට වතු පාලන අධිකාරිය පියවරගෙන තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නැත.විදුලි කාන්දුවක් විය හැකි බවට තලාවාකැලේ පොලිසිය අනුමාන කරන අතර ගින්න නිවාදැමීමට ප්‍රදේශවාසීන් හා පොලිසිය මහත් පරිශ්‍රමයක් දරා ඇත.ඊට තලවාකැලේ හා නුවරඑළිය මහ නගර සභාවේ ගිනිනිවන ඒකකද සහය දැක්විය.තලවාකැලේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි. ගිනිගැනිමෙන් කිසිවෙකුගේ ජිවිත හානි හෝ තුවාල සිදුවි නොමැත. හැටන් - චන්දන ජයවීර
 

More News..