brand logo

තලවකැලේ වතුයායක ගින්නකින් නිවාස 10ක් ගිනිගෙන විනාශ වෙයි

19 June 2019

තලවකැලේ පොලිස් වසමට අයත් සෙන්ක්ලොයාර් වතු යායේ ස්ටෙලින් කොටසේ වතු නිවාස පේලියක අද (19) පස්වරුවේ හටගත් ගින්නකින් වතු නිවාස 10 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය. වතු නිවාස 24 කින් සමන්විත වතු නිවාස පේලියේ නිවාස 9ක් ගිනිගෙන විනාශ වි ඇති බවත්, සෙසු නිවාස වලට පැතිර ගිය ගින්න වතු කම්කරුවන් සහ තලවකැලේ පොලිසියේ නිලධාරින් එක් ව පාලනය කර තිබෙනවා. ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර ගින්නෙන් එම නිවාස 9 පදිංචි වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම ගනිගෙන විනාශ වි ඇති බවයි පොලිසිය පැවසුවේ. එක් නිවසකින් හට ගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති බවත්, පොලිසිය පවසයි. ගින්නෙන් අවතැන් වු පවුල් 9 කට අයත් සමාජිකයන් 25 දෙනෙකු තාවකාලිකව එම වතුයායේ පාසලේ තාවකාලිකව නතර කර ඇති අතර ඔහුන්ට අවශ්‍යය පහසුකම් සැලසිමට වතු පාලන අධිකාරය කටයුතු කර ඇත. ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න පිලිබදව තලවකැලේ පොලිසිය පරික්ෂණ පවත්වයි. රංජිත් රාජපක්ෂ
 

More News..