brand logo

තලවකැලේ නගරයේ වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටි සැකකරු 25 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

14 June 2019

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවතත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයා තලවකැලේ පොලිසිය මගින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන අද (14) නුවරඑලිය ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රබෝධ ජයසේකර මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලා. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි තම්බි මරික්කාර මොහොමඩ් ස්මයිල් නැමති 47 හැවිරිදි අයෙකි. සැකකරු තලවකැලේ ලිදුල නගර සභාවේද අනුමැතියක් නොමැතිව තලවකැලේ නගර මධ්‍යයේ වෛද්‍යය මධ්‍යස්ථානයක් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය අතර එම වෛද්‍ය මධ්‍යස්ථානය තුල ගබ්සාවන් සිදු කරන බවට තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතාට එම නගර සභාවේ පවුල් සෞඛ්‍යය සේවිකාව විසින් ලබාදුන් පැමිණිල්ලක් මත සභාපතිවරයා ඇතුළු එම සභාවේ සෞඛ්‍යය අංශ නිලධාරින් විසින් ඊයේ දින එම වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් පරික්ෂා කර බලා වෛද්‍යවරයා ලෙස පෙනි සිටි අයව අල්ලා තලවකැලේ පොලිසිය වෙත භාර දෙනු ලැබිය. මෙම වෛද්‍යය මධ්‍යස්ථානය තුල තිබි බටහිර වෛද්‍යය උපකරණ රැසක් එන්නත් කුප්පි රැසක් ,බටහිර ඖෂධ රැසක් පොලිසි භාරයට ගෙන ඇත. සැකකරු විසින් ප්‍රදේශවාසින්ගෙන් විශාල මුදලක් අය කර ප්‍රතිකාර ලබා දි ඇති බවද පැවසේ. තලවකැලේ ලිදුල නගර සභාව විසින් එම වෛද්‍යය මධ්‍යස්ථානය මුද්‍ර තබා වසා දමා ඇත. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..