brand logo

තලවකැලේ නගරයේ වෙළෙඳ සැල් දෙකක් වසා දමයි

09 December 2020

තලවකැලේ නගරයේ වෙළෙඳ සැල් දෙකක් වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් (09) අද පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අංශ නිලධාරීන් පැවසුවේ කොවිඩ්-19 වෛරසය ආසාදිත තරුණියක් එම වෙළෙඳ සැල් වලට පැමිණීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. මෙම තරුණිය අවිස්සාවේල්ල නගරයේ සිට ලිදුල, බඹරකැලේ වතුයායට පැමිණ ඇති අතර,පසුගිය 7වැනිදා තලවකැලේ නගරයට පැමිණ රෙදිපිළි වෙළෙද සැලකට හා රූපලාවන්‍යාගාරයකට ගොස් ඇත. තරුණිය අවිස්සාවේල්ල නගරයේ සිට ලිදුල බඹරකැලේ වත්තට පැමිණීමේදී ගිනිගත්හේන කලුගල ආරක්ෂක මුරපොලේදී පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කර තිබේ. එහි ප්‍රතිඵල වලට අනුව එම තරුණියට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. එලෙස වසා දැමුනු වෙළෙදසැල සහ රූපලාවන්‍යාගාරයේ‌ සේවකයන් නිරෝධායනයට යොමු කර ඇති අතර, ඔවුන් හෙට (10) පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිතයි.
 

More News..