brand logo

තලංගම ඩිපෝවේ ටී-56 ගිනිඅවි ජීව උණ්ඩ

22 June 2021

තලංගම ඩිපෝවේ රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ විවේකාගාරයේ තිබී ටී-56 ජීව උණ්ඩ 26ක් පොලීසිය භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ එම විවේකාගාරයේ රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය තැන්පත් කර තබන ලාච්චුවක තිබී මෙම උණ්ඩ සොයාගත් බවයි. පොලීසිය එම ස්ථානයට පැමිණෙන විට එම ලාච්චුවේ හිමිකරු බව කියන රියදුරුවරයා සේවය නිමාවීමෙන් අනතුරුව නිවසට ගොස් තිබේ. තවත් රියදුරු මහතෙකු විවේකගාරයට පැමිණි අවස්ථාවේ ජීව උණ්ඩ දෙකක් බිම වැටී තිබෙන අයුරු දැක ඇත. අනතුරුව ඔහු ඒ බව ඩිපෝ බලධාරීන්ට දැනුවත් කිරීමෙන් පසු තංලගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. පසුව පොලිස් නිලධාරීන් පැමිණ සිදුකළ පරීක්ෂාවකදී ඉටි උරයකා අසුරු තිබූ මෙම ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි ව තිබේ. තලංගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
 

More News..