brand logo

තරඟ දෙකක් ඉතිරිව තිබියදී තරඟාවලියේ ජය ඉන්දියාව හිමිකර ගනී

28 January 2019

නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින තරඟය කඩුළු 7කින් ජය ගැනීමට අද සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා. දෙරට අතර පැවැති මෙම තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 49කදී සියලුදෙනා දැවී ලකුණු 243ක් ලබාගත්තා. නවසීලන්තය වෙනුවෙන් රොස් ටේලර් ලකුණු 93ක් ලබාගැනීමට සමත් වුණා. අනතුරුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43කදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 245ක් ලබාගෙන තරඟයේ ජය වාර්තා කළා. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 62ක් සහ නායක විරාත් කෝලි ලකුණු 60ක් ලබාගැනීමට සමත් වුණා. තරඟ 5කින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරඟ තුනම ඉන්දීය කණ්ඩායම විසින් ජය ගැනීම නිසා ඔවුන්ට මේ වන විටම තරගාවලියේ ජය හිමිව තිබෙනවා. අනෙක් තරඟ දෙක ලබන 31 වැනි දින සහ පෙබරවාරි මස 3වැනි දින පැවැත්වීමට නියමිතයි.
 

More News..