brand logo

තරඟ දෙකකට අවසර - 6ක් අහිමිවන ලකුණු

26 March 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස පිලේ නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබේ. ඒ අනුව මාලිංග මුම්බායි පිල නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් හි තරඟ දෙකකට සහභාගිවීමට නියමිතය. ශ්‍රී ලංකාවේදී ලබන මස 4 වැනිදා ආරම්භ වන අන්තර් පළාත් එක්දින තරඟාවලියට ජාතික කණ්ඩායම නියෝජනය කරන සියලු ක්‍රීඩකයන් සහභාගි වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනිවාර්ය කිරීමත් සමඟ මාලිංගට අයි.පී.එල්. තරඟ හයක් අහිමිවීමේ අවදානමක් මතුව තිබේ. ඉල්ලීම් කීපයක් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේය.
 

More News..