brand logo

තරඟයක් පාවා දුන්නොත් වසර 5ක සිර දඩුවමක් - දඩය රු. මිලියන 5යි

01 March 2019

අසියාවේ පළමු වතාවට ශ්‍රී ලංකාවේ තරඟ පවාදීම් සම්බන්ධයෙන් නව නිති රෙගුලාසි පනවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඊයේ (28) ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිදුවන වංචා දුෂණ මැඩපැවැත්වීම සඳහා නව නීතිරීති ගෙන එන බවත් ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. තරගයක් පවා දෙන්නෙකුට වසර 5ක සිර දඬුවමක් සහ රුපියල් මිලියන 5ක අවම දඬයක් නියම කිරීමට පනතක් සම්මත ක ගන්නා බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නිසි මුදලක් ලබා නොදීම තුළින් ඔවුන් වෙනත් ආකාරයකින් මුදල් සොයා ගැනීමට පෙළෙඹීමේ අවධානමක් පවතින බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා. ඇතැම් පුහුණුකරුවන් තමන්ගේ තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා ක්‍රිඩකයන්ට යම් යම් ඖෂධ වර්ග ලබා දෙන බවද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
 

More News..