brand logo

තරග පාවාදීම් චෝදනා ගැන ශ්‍රී ලංකා ක්‍රීකට් නායකයා කතා කරයි

24 June 2020

2011වසරේ ලෝක කුසලාන අවසන් තරගයේදී යම්කිසි ආකාරයක පාවා දීමක් සිදුව ඇත්නම් එම පවතින සාක්ෂි නිසියාකාරව හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. මහනුවර පල්ලෙකැලේ පැවැත්වෙන පුහුණු සැසියෙන් අනතුරුව (24) මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් කණ්ඩායම් නායකයා කියා සිටියේ යම්කිසි හේතු සාධක නොමැතිව මෙවන් ප්‍රකාශ කිසිසේත් සිදුකල නොහැකි බවය. ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරිසුදු භාවය රැක ගැනීම සඳහා එම පවතින සාක්ෂි හෙළිදරව් කිරීම මිස එක් එක් අයවලුන් හට ඇඟිලි දිගු කිරීම උචිත නොවන බවත් හෙතෙම කීය. මෙම සිදුවීම සිදුවූ අවධියේ වර්තමාන කණ්ඩායම නියෝජනය කරන කිසිවකු හෝ නොසිටි බැවින් ඒ සම්බන්ධයෙන් තමාට හෝ කණ්ඩායමට කිසිදු ගැටලුවක් නොමැති බවත්,ඒ සම්බන්ධයෙන් යම් කිසිවක් ප්‍රකාශ කිරීමට හෝ තමාට අවශ්‍ය නොමැති බවත් කණ්ඩායම් මානසිකත්වය ඉතා හොද මට්ටමින් පවතින බවත් දිමුත් කරුණාරත්න පැවසීය. තවදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ කණ්ඩායම් නායකයා මෙසේද පැවසීය. පළමු  පුහුණු සැසිය සඳහා සහභාගි වීමට නොහැකි වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පල්ලෙකැලේ පුහුණු කඳවුරට සහභාගීව ඉන්නවා. අප අපගේ ශාරීරික යෝග්‍යතාවය හා සෞඛ්‍ය රැක  ගැනීම වෙනුවෙන් අදාල උපදෙස් නියම ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා.මෙම පුහුණු  සැසියට අමතරව ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පුහුණුව සඳහා නවක ක්‍රීඩකයන් කිහිප  දෙනෙකු එක් වේයැයි අප බලාපොරොත්තු වෙනවා. ශාරීරික යෝග්‍යතාවය ට අමතරවපන්දු යැවීම, පන්දුවට පහර දීම, පන්දු රැකීම වැනි අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකොට අප කණ්ඩායම පෙර පැවති තත්වය කරා ගෙන ඒම අප සැමගේ අපේක්ෂාවයි. ජූලි මස 25 වන විට පුහුණු කටයුතු අවසන් කොට ජාත්‍යන්තර තරග සඳහා මුහුණ දීමට අවශ්‍යශාරීරික හා මානසික යෝග්‍යතාව ඇති කර ගැනීමට මෙන්ම කණ්ඩායම් හැගීමෙන් යුතුව නැවතත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම අප සැමගේ බලාපොරොත්තුවයි . ඒ සදහා අවශ්‍ය පසුබිම දැන් සකස් වෙමින් පවතිනවා . කමල් සුරවීර මහනුවර
 

More News..