brand logo

තරග පාවාදීමට සැක මොහු හඳුනා ගැනීමට අයි.සී.සී ය මහජන සහය පතයි

28 August 2018

අල් ජසීරා රූපවාහිනී ආයතනය මගින් මේ වනවිට ප‍්‍රසිද්ධියට පත්කර තිබෙන ක‍්‍රිකට් තරග පාවාදීම සඳහා ක‍්‍රීඩකයින් පොළඹවා ගැනීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කරන එක් පුද්ගලයෙකු හදුනා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මහජනතාවගේ සහය පතා තිබේ. අදාළ මාධ්‍ය ආයතනය මගින් ප‍්‍රසිද්ධියට පත්කර තිබෙන එම දර්ශනයන්හි එංගලන්ත සහ ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයින් කෙරහි චෝදනා එල්ල වී තිබිණි. එම චෝදනා දෙරටේ ක‍්‍රිකට් ආයතන මගින් මේ වනවිටත් ප‍්‍රතික්‍ෂේප කර තිබේ. අල් ජසීරා මගින් ක‍්‍රිකට් තරග පාවාදීමේ පළමු සිද්ධිය ඉකුත් මැයි මාසයේ ශ‍්‍රී ලංකාව සම්බන්ධ කරමින් වීඩියෝවක් ප‍්‍රසිද්ධියට පත්කර තිබුණු අතර එවැනිම කාරණයක් වෙනුවෙන් එම මාධ්‍ය ආයතනය මගින් ප‍්‍රසිද්ධ කළ දෙවැනි වීඩියෝව මෙය බවට පත්විය.
 

More News..