brand logo

මහින්දානන්ද කළ ප්‍රකාශය ගැන ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රකාශයක් ලබාගනියි

24 June 2020

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (24) උදෑසන ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. ඒ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගය පවාදුන් බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙනි. මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දිනෙක රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් සිදුකළ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අද පෙරවරු 6ට පමණ මහතාගේ නාවලපිටියේ පිහිටි නිවසට පැමිණ මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දි තිබුණි.
 

More News..