brand logo

තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට - තරගයේ වීරයා අවිශ්ක

29 July 2019

බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ කණ්ඩායම් දෙක අතර ඊයේ පැවැති දෙවන තරගය කඩුළු 7කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමගය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල පළමු පන්දුවාර 50 තුළ කඩුළු 8ක දැවී ලකුණු 238ක් රැස්කර ගත්තේය. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆික රහීම් නොදැවී ලකුණු 98ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන සහ අකිල ධනංජය කඩුළු 2ක බැගින් දවාගත්තේය. අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 44යි පන්දු 4කදී කඩුළු 3ක් දැවී ලකුණු 242ක් රැස්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 75කදී දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 82ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 41ක් රැස්කර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා පිලට කඩුළු 7ක ජයක් හිමිවිය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලකුණු 82ක් රැස්කර ගත් අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගයේ වීරයා බවට පත්විය.
 

More News..