brand logo

තරංග වීරයා වෙමින් කොළඹට ශූරතාව ගෙනෙයි

03 September 2018

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මගින් සංවිධානය කළ මෙරට ප‍්‍රධානතම විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී දඹුල්ල කණ්ඩායම හමුවේ කඩුලූ 7 ක ජයක් ලද කොළඹ කණඩායමට මෙවර ශූරතාව විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලූ 8 ක් දැවී රැුස් කළ ලකුණු 163 ක ඉලක්කය හඹාගිය කොළඹ පිල පන්දුවාර 18.2 කදී ලකුණු 167 ක් සමගින් ජය සපුරා ගැණින. නායකත්වයේ ඉනිමක් දියත් කරමින් කොළඹ පිල ජයග‍්‍රහණය කරා රැුගෙන ගිය උපුල් තරංග පන්දු 55 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 104 ක් රැුස්කර ගත්තේය. අවසන් තරගයේ වීරයාට මෙන්ම තරගාවලියේ වීරයාට හිමි සම්මානයන් උපුල් තරංගට හිමි විය.
 

More News..