brand logo

තම නිවසේ වැඩිහිටියන් පිළිබඳ අවධානයෙන් සිටින්න

17 June 2021

මේ දිනවල ඇතැම් වැඩිහිටියන්ට මතුවන අසීරුතාවන් හඳුනාගැනීම නිවැසියන්ට පමණක් නොව වෛද්‍යවරයකුට වුවද අසීරු කටයුත්තක් යැයි දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර සමරවීර සඳහන් කරයි.
කිසියම් වයිරසයක් ශරීර ගත වූ විට උණ ගැනීම සාමාන්‍ය දෙයක් වුවත් ඇතැම් වැඩිහිටියන් තුළ ශරීරයේ අප්‍රාණික බවක් පෙන්නුම් කිරීම, කල්පනාව නොමැති වීම , නිතර නිතර කියවීම, නොදැනීම මුත්‍රා පහවීම, මුත්‍රා අඩස්සිය ඇතිවීම වැනි ලක්ෂණ දැකිය හැකි බවත් ඒ නිසා වෙනදාට වඩා තම නිවසේ වැඩිහිටියන් අසාමාන්‍ය හැසිරීමක් පෙන්නුම් කරන්නේ දැයි පිළිබඳ වඩාත් කල්පනාකාරී වන්නැයි ඔහු සඳහන් කරයි.
මෙවන් අවස්ථාවකදී වැඩිහිටියෙකුගේ ශරීරයේ සමතුළිතතාවය මුළුමනින්ම බිඳ වැටෙනු ඇතැයි වෛද්‍යවරයා සඳහන් කරයි. ශ්‍රියානි විජේසිංහ
 

More News..