brand logo

තම දියණිය ගැබිණියක් බවට පත් කළ පියෙකු අත්අඩංගුවට

12 May 2019

තම දියණිය සමග අඹු - සැමි සම්බන්ධතාවයක් පවත්වා ඇයව ගැබිණියක් බවට පත් කළ පියෙකුව පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනඇත්තේ පල්ලම පොලිස් වසමේ අඩම්මන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකුවය.සැකකරු දැව ව්‍යාපාරිකයෙකු මෙන්ම ලොරි රථ රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙකි. අතවරයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16 ක් වන දැරිවියකි.ඇය පාසල් ගමන අවසන් කර නිවසේ සිට ඇත.සැකකරුගේ පළමු විවාහයෙන් දරුවන් දෙදෙනෙකි.අතවරයට පත්ව ඇත්තේ එම දරුවන් අතරින් වැඩිමහල් අය බව විමර්ශණ වලදී හෙලිවී ඇත.බිරිද තමන්ව අතහැර යාමෙන් පසුව සැකකරු තවත් විවාහයක් කරගෙන ඇත.එම විවාහයෙන්ද සැකකරුට දරුවන් දෙදෙනෙකු සිටී. පළමු විවාහයේ මෙන්ම දෙවැනි විවාහයේ දරුවන්ද සැකකරු සමග එකම නිවසක ජීවත් වී ඇත.සැකකරුගේ දෙවැනි විවාහයේ බිරිද අතවරයට පත්ව ඇති දැරිවියට දැඩි ලෙංගතුකමක් දක්වා ඇති බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත. තම දෙවැනි බිරිද නිවසේ නොමැති අවස්ථා වලදී සැකකරු දැරිවියට අතවර කර ඇත.තමන් ගැබිණියක් බවට අනාවරණය වීමෙන් පසුව දැරිවිය මේ බව සැකකාර පියාගේ දෙවැනි බිරිද වන පුංචි අම්මාට පවසා අත.ඒ අනුව පුංචි අම්මා සහ දැරිවියගේ මවගේ අම්මා විසින් මේ බව පල්ලම පොලීසියට පැමිණිළි කිරීමට කටයුතු කර ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.අතවරයට පත්ව ගැබිණියක් බවට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පල්ලම පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. ජුඩ් සමන්ත
 

More News..