brand logo

තමන් සතු වී, සහල් තොග වෙළෙඳපොළට නිකුත් කරන්න

22 May 2020

වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා තමන් සතු වී සහ සහල් තොග හිඟයකින් තොරව නිකුත් කිරීමට කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. එලෙස කටයුතු නොකරන පුද්ගලයන් සහ ආයතන සම්බන්ධයෙන් සොයා බලා වැටලීම් සිදුකරන බව අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ භාණ්ඩ, විකිණීම ප්‍රතික්ෂේප කිරීම, තමන් සතු යම් ද්‍රව්‍යයක් තම සන්තකයෙහි නොමැති බව ප්‍රකාශ කිරීම හෝ එම භාණ්ඩ යම් කොන්දේසියට යටත්ව විකිණීම වරදක් වෙයි. පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ සහල් උපරිම මිල සඳහන් ගැසට් නිවේදනය ඉවත් කර ඇති බව ප්‍රකාශ කරමින්, ඇතැම් වී මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් පාරිභෝගිකයන්ට දැනුම්දී තිබේ. එවැනි ව්‍යාජ ප්‍රකාශවලට හසුනොවන ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. දිවයින පුරා සහල් වැඩි මිලට අලෙවි කරනු ලැබූ වෙ​ළෙඳුන් සම්බන්ධ වැටලීම් හත්සියයක් මේවනවිට සිදුකර ඇත.   උදයජීව ඒකනායක
 

More News..