brand logo

තමන් ලොකප් වුනොත් රට ලොක්ඩවුන් කරන්න ඕන නෑ

17 August 2021

කොරෝනාවට බය වීම නොව පරිස්සම් වීමයි වැදගත්

කොවිඩ් ආසාදිතයන් නිසා රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. ඇතැම් රෝහල්වල වෙනත් රෝගීන් සඳහා වෙන්කර තිබෙන වාට්ටු පවා කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කිරීමට මේ වෙද්දි කටයුතු කර තියෙනව.මෙවැනි පසුබිමක රෝහල්වල අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමත් අභියෝගයක්. මේ වන විට පැනනැගී ඇති මෙම තත්ත්වයන් කළමනාකරණය වෙනුවෙන් මොන වගේ ක්‍රමවේදයක් ද අනුගමනය කරන්නේ....? පසුගිය සතියේ පමණ සිට රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙනවා. තුන්දහස් දෙසීයක් තුන්දහස් හාරසීයක් අතර ප්‍රමාණයක් රෝගීන් වාර්තා වනවා. මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර කරලා පූර්ණ සුවය ලබා බැහැරවෙන්නේ දිනකට දෙදහස් පන්සියක පමණ ප්‍රමාණයක්. මේ තත්ත්වය මත දාහක පමණ වැඩිපුර රෝගීන් සංඛ්‍යාවක් පද්ධතිය තුළ රඳවා ගන්න සිද්ධ වෙනවා. කොවිඩ් ආසාදිතයන් සඳහා වන ඇඳන් ධාරිතාව තිස්හතර දහස් හයසිය හැත්තෑ දෙකක්. ඒ මධ්‍යස්ථාන දෙසිය තිස්හතක. මේ වෙද්දී ඇඳන් තිස්තුන්දහසක්ම පිරිලා තමයි තියෙන්නේ. Coronavirus triggers swift bipartisan backlash against Trump - POLITICO ඒ අනුව රෝගීන් පත්විය හැකි අපහසුතාවය සලකා සාමාන්‍ය ප්‍රතිකාර සිදුකරන රෝහල් කොවිඩ් රෝගීන්ට විවෘත කළා. එවැනි ප්‍රධාන රෝහල්වල ලෙඩ්ඩු හාරදාහස් පන්සියයක් පමණ සිටිනවා. මේ රෝගීන් කළමනාකරණය කරගන්න වෙන්නේ රෝහල් පද්ධතිය තුළ ඇති සීමිත සම්පත් උපරිම ලෙස කළමනාකරණය කරගෙන. එතනදි නේවාසිකව ප්‍රතිකාර ලබන අනෙකුත් රෝගීන්ට කිසිදු බාධාවක් නැති ආකාරයෙන් කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර කිරීමට කටයුතු කර තියෙනව. මේ කළමනාකරණය කරන ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කළමනාකරණය කරන ක්‍රමවේදය තමයි ශ්වසන අපහසුතාවයක් නැති සහ වෙනත් සංකූලතා නැති ආසාදිතයන් හඳුනාගෙන මූලික පරීක්ෂණයක් සිදුකිරීම. ඒ ආසාදිතයන්ට අපහසුතාවක් නොමැති නම් ද්විතීයික හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ නිරෝධායනයකට යොමු කරනවා. දෛනික රෝගීන් වාර්තාවන ප්‍රමාණයට රෝහල්වල ඇඳන් හදාගෙන යන්න බැහැ. ඒක හරියට මාර්ග අනතුරු වළක්වන්න හදිසි අනතුරු සඳහා රෝහල් හදනවා වගේ කතන්දරයක්.

සංකූලතා නැති ආසාදියන් නිවසේ ප්‍රතිකාර ක්‍රමයට මේ වෙද්දි යොමුවී තියෙනව. නමුත් එතැනදි අවශ්‍ය වෛද්‍ය සේවා, උපදෙස් නිසි පරිදි ලැබෙන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා.

මේක අලුතෙන් පටන් ගත්ත වැඩපිළිවෙළක්. වෛද්‍ය සේවා අංශයෙන්. එහි අධීක්ෂණයෙන් තමයි ඔය කාරණාව සිදුවෙන්නේ. මේ වෙද්දී ආසාදිතයන් වාර්තාවීමත් එක්ක මෙවැනි චෝදනා එන්න ඉඩ තියෙනවා.

Guidelines issued for home-based care for low-risk COVID patients අපි කියන්නේ නැහැ මෙවැනි වැඩපිළිවෙළවල් එක පාරටම සියයට සියයක් සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම කිසිම රටක් කරලා නැහැ. මිනිස්සු දැනුවත් වෙන්න ඕන. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කතාකරන්නෙත් නැත්නම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කතා කරන්නෙත් නැත්නම්, දැනුවත් වෙන්න ඕන කාරණය තමයි තමන් රෝහලට යා යුතුද නැද්ද කියන කාරණය. එතකොට ඔය ගැටලු සියයට පනහක් නිරාකරණය කරගන්න පුළුවන්. මතක තියාගන්න ඕන කාරණයක් තමයි හැමෝම හිතන්නේ කොවිඩ් ආසාදිත වුණාට පස්සේ මොකද කරන්නේ කියන එකනේ. පොසිටිව් නොවී ඉන්න හිතන ප්‍රමාණය අඩුයිනේ. ඒකට කවුරුත් සූදානම් වෙන්නේ නැහැනේ. අපි තුන්වෙනි ලෝකේ රටක්. දියුණු රටවල්වලත් ඔය කියන අඩුපාඩු වෙනවා. නැත්නම් ඇමරිකාවේ වුණත් ඔහොම රෝගීන් වාර්තා වෙන්නේ නැහැනේ. හැමවෙලේම මිනිස්සු මේ වයිරසය ආසාදිත නොවී ඉන්න නිසි මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු වෙනවා.   නිවෙස් ප්‍රතිකාර ලබන රෝගීන්ට යම් සංකූලතාවක් ඇතිවුවහොත් රෝහල් ගතවීමට අවශ්‍ය ගිලන් රථ පහසුකම් සැලසීම පිළිබඳ මොනවගේ වැඩපිළිවෙළක්ද තියෙන්නේ....? නිවෙස් ප්‍රතිකාර ලබන ආසාදිතයන් සඳහා 1990 ගිලන් රථ සේවාව ක්‍රියාත්මක වෙනව. ගම්පහ, මඩකලපුව, මන්නාරම, යාපනය යන ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ජන අනුපාතය අරගෙන කොට්ඨාසවලට බෙදාගෙන රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට බද්ධ කරගෙන මෙම ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කරන්නෙ. ඒ නිසා මේ සේවාව කාර්යක්ෂමව සැපයීමේ හැකියාව තියෙනවා. ISLAND-WIDE '1990 Suvasariya' SERVICE FROM APRIL ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තියත් එක්ක ඔක්සිජන් අවශ්‍යතාව වැඩිවී තියෙනව. විදෙස් රටවලින් මේ වෙද්දි ඔක්සිජන් ගෙන්වීමටත් තීරණයකර ඇති බවට වාර්තා වෙනව. ඔක්සිජන් නැතිව අපිටත් ඉන්දියාව මුහුණ දුන් තත්ත්වයට මුහුණදීමේ අවදානමක් තියෙනවද? ලංකාවේ රෝහල්වල අධි සත්කාර ඒකකවල හත්සියයකට වැඩි ප්‍රමාණයක් ඔක්සිජන් අවශ්‍යතාවය ඇති රෝගීන් ඉන්නවා. මේක චලනය වන අගයක්. මේක තවදුරටත් වැඩිවීමට ඉඩ තියෙනවා. මේ කාරණාව මතු වෙන්නේ දැනට ඉන්න ආසාදිතයන් ගණන් බලලා නොවෙයි. මේකේ රෝග ව්‍යාප්තිය කොහොමද බලලා කොච්චර රෝගීන් වාර්තා වෙනවද. ඒ අයගෙන් කී දෙනෙකුට කොච්චර ඔක්සිජන් අවශ්‍ය වෙයිද කියන කාරණය සෞඛ්‍ය අමාත්‍යාංශය බලනවා.

සියයට දහතුනක විතර ප්‍රමාණයක් දැඩි සත්කාරවලට ඔක්සිජන් අවශ්‍ය වෙනවා. අපි බලනවා කොහොමද මේක සපුරාගන්නේ කියලා. ඒ ගණනය කිරීම් කරලා තමයි ඔක්සිජන් ගෙන්නන්නේ. මේක අපේ රටෙන් සපුරාගත හැකි අවශ්‍යතාවක් නම්, අපිට කළමනාණකරය කරන්න පහසුයි. අපේ රටේ නැති දෙයක් නිසා පූර්ව සූදානමක් විදිහට ඔක්සිජන් ගෙන්නන්න වෙනවා. නැත්නම් මුළු රටක් අමාරුවේ වැටෙනවා. ඒකයි මේ විදිහට ඔක්සිජන් ගෙන්වන්න සැලසුම් කරලා තියෙන්නේ.

NO shortage of oxygen in Sri Lankan hospitals; DG Health Services කොවිඩ් ආසාදිත වී මිය යන අය අතර මුස්ලිම් ප්‍රජාවගේ මරණවල යම් සාපේක්ෂ වැඩිවීමක් ඇති බව වාර්තා අනුව පැහැදිලි වෙනව. ඔවුන් ඒන්නත්කරණයට වැඩි කැමැත්තක් නැති බවටත් පැවැසෙනව....

මේ රෝගය ආගමකට, ජාතියකට, විශේෂිත සමාජයකට ලඝු කරන්න බැහැ. හැම ජන කොට්ඨාසයකම ඉන්නවා එන්නත ලබා නොගත් පිරිස. ඒ අයට විවිධ ඇදහිලි මතවාද තියෙනවා. තවත් සමහර කොටසක් බලාගෙන හිටියා හොඳම එන්නත් මොකක්ද කියලා.

ෆයිසර් තමයි ලෝකෙ හොඳම එන්නත. ඒක ලංකාවට එනකන් ඉමු කියලා පිරිසක් බලාගෙන හිටියා. නමුත් කවුරුත් හිතුවේ නැහැ එතකන් ජීවත් වෙයිද කියලා. අවිනිශ්චිත කාරණාවක් පිළිබඳව මිනිස්සු බලාගෙන හිටියා. මේක මරණ වැඩිවෙන්න හේතුවක්. සමහර ජන කොට්ඨාසවල හැසිරීම් වෙනස්. ඇතැම් අයගේ ඒකරාශීවීම් වැඩියි. මේකත් මරණවලට හේතුවක්. මේ වෙද්දි රජයේ රෝහල් මෘතශරීරාගාරවල මෘත ශරීර විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවට පැවැසෙනව. ඇතැම් විට මෘත ශරීර මාරුවුණු අවස්ථාවනුත් තියෙනව.... මෘත ශරීරාගාරවල ප්‍රධාන වශයෙන් මෘතශරීර ගොඩ ගැසීමට ප්‍රධාන හේතුවක් වන්නේ, නීතිමය පියවර ගැනීමට ඇති මෘත ශරීර එකතු වීම. ඒවා භූමිදානය කිරීමට හැකිවන්නේ අධිකරණ නියෝගයක් දුන්නොත් පමණයි. අනෙක් හේතුව තමයි හඳුනානොගත් මළසිරුරු ගොඩගැසීම. ඒවා හඳුනාගන්න කාල සීමාවක් යනවා. පසුගිය ජන ජීවිතය ගෙවුණේ සාමාන්‍ය විදිහට නොවන නිසා ඇතැම් මළ සිරුරු හඳුනාගත්තද ඒවා භාරගැනීමට පුද්ගලයන් හිටියේ නැහැ. විශේෂයෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයකු මියගියහොත් ඔහුගේ දේහය භාරගන්න කෙනෙක් නැහැ. නිවසේ අනෙක් සාමාජිකයන් දිනදාහතරක් නිරෝධායනයේ වන නිසා මේකත් එක හේතුවක් මෘත ශරීරාගාරවල මෘතදේහ, ඒකරාශි වෙන්න. මේ වෙද්දි වේගයෙන් වයිරසය පැතිර යමින් තියෙනව. දැඩි සංචරණ සීමාවන්ට නොගියොත් ජනවාරි මාසය වෙද්දි තත්ත්වය දරුණු අතට හැරෙන බවට පුරෝකථනයන් ඉදිරිපත්ව තියෙනව. මේ තත්ත්වය වළක්වා ගන්න කටයුතු කළ යුත්තේ කෙසේද? මේකෙදී වගකීම් කිහිපයක් ගන්න ඕන. රජය සතු වගකීම තියෙනවා. පුද්ගල වගකීමක් තියෙනවා. මාධ්‍ය සතු වගකීමක් තියෙනවා. රජය සතු වගකීම රෝගී සත්කාර සේවා දියුණු කරන එක ඒකට අවශ්‍ය සේවා සැපයීම, රෝගීන් රැකබලා ගැනීම. පුද්ගල වගකීම ගත්තාම හැම පුරවැසියකුටම තියෙනවා වගකීමක් තමන් පරිස්සම් වෙන එක. මාස්ක් එක නිසි ආකාරයෙන් පලඳින එක. අත්සෝදන එක. අනවශ්‍ය ගමන් බිමන් වළකින එක. මේ ටික සිදුකළ යුතුයි.

ඔක්කොම කතා කරන්නේ ලොක් ඩවුන් එකක් ගැනනේ. රට වහන එක ගැනනේ. නමුත් හැමදෙනාම පුද්ගල සීමාවක් පනවා ගන්න ඕන. හැමදෙනාම තමන් තමන්ව ලොකප් කරගන්න ඕන. තමන් ලොකප් කරගත්තොත් රට ලොක්ඩවුන් කරගන්න ඕන නැහැ.

How to Quarantine Safely at Home – Cleveland Clinic
මාධ්‍ය සතුවත් වගකීමක් තිවෙනවා. එහිදී ප්‍රධානම කාරණාව වෙන්නේ රටේ ජනතාවට අවශ්‍ය ඇත්ත හරියාකාරව ලබාදිය යුතුයි. සෞඛ්‍ය පණිවුඩ ටික හරියට ජනගත කළ යුතුයි. රෝගීන් දැනුවත් විය යුතුයි. තමන්ට අවශ්‍යතාවයකදී මොකක්ද කළ යුත්තේ මේ මේ රෝග ලක්ෂණ තිබ්බොත් මොකක්ද කළ යුත්තේ කියන එක.

ප්‍රධාන රෝහල් පිරෙන්න එක හේතුවක් තමයි කොවිඩ් ආසාදිත වෙන හැම කෙනෙකුම රෝහල්ගත වීමට උනන්දු වීම. කාලයක් තිබුණා මේ ආසාදිතයන් රෝහල්ගත වීමට අකමැති වෙලා හැංගෙනා කාලයකුත්. දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. මිනිස්සු තමන්ගේ ජීවිතයට ආදරයක් ඇතිකරගෙන තියෙන්නේ. බයවෙලා ඉන්නේ. බය වෙන්න නෙමෙයි ඕන. ඒක හරියට විභාගයකට පාඩම් කරන්නේ නැතුව, විභාගෙට මුහුණ දෙන්න බය වෙලා ඉන්නවා වගේ වැඩක්.

ඒක නිසා මිනිස්සු බයවෙන්න නෙමෙයි පරිස්සම් වෙන්න ඕන. මිනිස්සුට තමන් තමන්ව පරිස්සම් කරගත යුතුයි කියන කාරණාව හොඳට ධාරණය කරගත යුතුයි. පවුලක් ගත්තම අම්මා තාත්තා ළමයි ආදරෙන් ඉන්නවනේ. නමුත් ආදරේ කියලා එළියේ ගිහින් ඇවිත් ගෙදර ඉන්න අය සිපවැලඳ ගැනීම් නෙමෙයි කරන්න ඕන. මේකෙදී තේරුම් ගන්න ඕන වයිරසයට වයස් භේද, සුදු කළු භේද, ආගම් ජාති කුල භේද නැහැ කියන එක. නවතින්නෙත් නැහැ. හැම වෙලේම මිනිස්සු හිතන්න ඕන ඔබ රකින්නේ ඔබම විතරක් නොවෙයි. මේ ඔබ රකින්නේ සමස්ත රටක් කියන එක. මේ සියලු දේ එකතු කරගත්තොත් විතරයි අපිට මේක ජය ගන්න පුළුවන් වෙන්නේ. [caption id="" align="alignnone" width="278"] කොවිඩ් 19 ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අනවර් හම්දානී[/caption] •සංවාදය - වරුණි පෙරමුණ
 

More News..