brand logo

මම කළ චෝදනා විභාග කිරීමේ හැකියාවක් එජාපයට නැහැ - රන්ජන්

27 February 2019

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට තමන් කළ චෝදනා විභාග කිරීමේ හැකියාවක් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුවට නොමැති බවත් ඒ සඳහා පහසුකම් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි. එම කමිටුවේ වාර්තාව පිළිගන්නේද යන්න පිළිබඳව අද කළ විමසුමකදී ඔහු මේ බව සඳහන් කළ අතර තමා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ලබාදෙන වාර්තා පිළිගැනීමට සූදානම් නොමැති බවද ඔහු කීය. රන්ජන් රාමනායක මහතා කළ මෙම ප්‍රකාශය පිළිබඳ සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය කමිටුවක් පත්කළ අතර එහි සභාපතිවරයා ලෙස අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කටයුතු කළේය. සෙසු සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එරාන් වික්‍රමරත්න, මහාචාර්ය ආශු මාරසිංහ හා නීතිඥ මහේෂ් කළුගම්පිටිය මහත්වරු කටයුතු කළහ. කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඔප්පු කළ නොහැකි බවත් ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය පත්කළ කමිටුව සඳහන් කර ඇත.
 

More News..