brand logo

තමන්ට නියම කර ඇති වසර 6ක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලමින් කංජිපානි ඉම්රාන් ගෙන් අභියාචනයක්

04 September 2019

ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරද පිළිිිනීමෙන් අනතුරුව තමන්ට කොළඹ මහාධිකරණය මගින් නියමකර තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලමින් පාතාල කල්ලි නායකයෙකු බව කියන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කන්ජිපානි ඉම්රාන් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරිම සඳහා අභියාචනා පෙත්සමක් අද (04) කොළඹ මහාධිකරණය වෙත භාරදී තිබේ. නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා විසින් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ලදී. ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරද පිළිගත් තමාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කෙරුණු බව කංජිපානි ඉම්රාන් සිය අභියාචනය තුළින් සඳහන් කර සිටී. අධිකරණය විසින් තමාට පැනවූ එම දඬුවම බෙහෙවින් අධික බව පෙන්වා දෙන ඔහු වසර 6 කට වඩා අඩු සිරදඬුවමක් නියම කිරීමට හෝ අත්හිටවූ සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට බලයක් තිබුණු බවද ඉන් පෙන්වා දී තිබේ. එහෙයින් තමන් විසින් ගොනු කර තිබෙන අභියාචනය විභාග කොට පනවා තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කන්ජිපානි ඉම්රාන් සිය අභියාචනය තුළින් අධිකරණයෙන් අයැද තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..