brand logo

තබ්ලිත් ජමාත් සංවිධානය දකුණු ආසියාවට තොග වශයෙන් කොරෝනා පතුරුවයි

01 April 2020

මැලේෂියාවේ සිට තායිලන්තයටත් තායිලනත්යේ සිට පකිස්තානයටත් දැන් ඉන්දියාවටත් තබ්ලිත් ජමාත් ඒකතු වීම හරහා කොරෝනා වෛරසය පතුරුවා ඇත. ඉන්දියානු සම්භවයක් ඇති දේශපාලන නොවන ගෝලීය සුන්නි ඉස්ලාමීය එවැන්ජලිස්ත ව්‍යාපාරයක් වන තබ්ලිගි ජමාත් දකුණු ආසියාවේ කොරෝනා වයිරස් පතුරුවා හැරීමේ ප්‍රධානතම වෛරස් වාහකයා”ලෙස ඉස්මතු වී ඇති බවත් එහි සාමාජිකයින්ගේ එකතු වීම හරහා කලාපයේ සිය ගණනක් වූ කොරෝනා ආසදිතයින් බිහි කිරීමට මූලාශ්‍රය වී අතැ බවත් කියනු ලැබේ. ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය විවිධ ප්‍රාන්ත සමග සම්බන්ධවී ආසාධිත පුද්ගලයින් 3000කට අධික පිරිසක් හදුනාගෙන ඇති අතර ඔවුන් අතර දකුණු ආසියාවේ අනෙකුත් රටවල සිට පැමිණි විදේශිකයින් ද තබ්ලිත් ජමාත් සංවිධානය මාර්තු මුළ නිසාමුඩීන් ප්‍ර දේශයේ පැවැත්වූ  එකමුතුවට සහභාගී වූ කෝවිඩ් 19 හොට්ස්පොට් ලෙස හදුන්වන මැලේෂියානුවන්ද ඇති බව වාර්තාවේ. ආරංචි මාර්ග සඳහාන් කරන පරිදි මොවුන්ගේන් බොහෝ අය හදුනාගෙන ඇති අතර ඔවුන් පරීක්ෂා කර නිරෝධායනයට යොමු කිරීමට පියවර ගනිමින් සිටී. ඉන්දීය ආගමන විගමන කාර්යාංශ ආරංචි මාර්ග පවසන පරිදි විදේශන් හි සිට පැමිණි සියලු දෙනාගේ ලැයිස්තුවක් ලිපිනයන් සමග මේ වන විටත් ප්‍රාන්ත ආණ්ඩුවෙත් යැවීමට කටයුතු කර ඇත. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙම ලැයිස්තුව සමස්තයක් ලෙස සකස් කළ බවත් මිෂනාරි වීසා මගින් ඉන්දියාවට ඇතුළු නොවුන තබ්ලිග් ජමාත් සමාජිකයින් හදුනා ගැනීමට අපහසු බවත්ය. මැලේෂියාවේ පැවැති එකමුතුවට සහභාගී වූ තබ්ලිග් ජමාත් කාශ්මීර ප්‍රධානියා ඇතුළු අවම වශයෙන් ඉන්දියානුවන් 10 දෙනකුවත් වෛරසය ආසාදනයට ලක්ව ඇතැයි සැක කරයි. මේ වනවිටත් තෙලන්ගානා ප්‍රාන්තයේ එවැනි මරණ 6ක් රජය හදුනා ගෙන ඇත. පෙබරවාරි මාසයේ දී මැලේසියාවේ මුස්ලිම් පල්ලියකට කලාපය පුරා සිටින තබ්ලිගිස්වරු 16,000 ක් පමණ රැස් වී ඇත. ලොව විශාලතම ඉස්ලාමීය මිෂනාරි ව්‍යාපාරයේ 16,000 ක් එකට රැස් වී කොරොන වයිරසය රටවල් දුසිම් භාගයක් දක්වා ව්‍යාප්ත කර “අග්නිදිග ආසියාවේ විශාලතම හදුනාගත් කොරෝනා වෛරස් දෛශිකය” නිර්මාණය කළ බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණි. මම සිව් දින සමුළුවට සහභාගී වූ පුද්ගලයින් 620 කට වැඩි පිරිසක් මැලේසියාවේ දී කොරෝනා වෛරසය අසාධිතයින් ලෙස හදුනා ගත් අතර සිය දේශ සීමා වසා දැමීමට එරට පොළබවන ලදී. මෙම හමුවේ ප්‍රතිඵලයක් ලෙස බෘෘනියි හී කොරෝනා ආසාධිතයන් 73ක් වාර්තා වූ අතර තායිලන්තයේ රෝගීන් 10 ක් වාර්තා විය. අල් ජසීරා සේවය, මැලේසියානු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ආදම් බාබා උපුටා දක්වමින්, මාර්තු 18 වන දින කියා සිටියේ මෙම හමුවට සහභාගී වූ මැලේෂියානුවන්ගෙන් අඩක් පමණක් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වී ඇති අතර, අනෙක් පිරිස නිකම්ම පල්ලියෙන් පිටවීම තත්ත්වය වඩාත් දරුණු කළ හැකි බවයි.
 

More News..