brand logo

තනි වු ඉතාලියට පුටින් ඇතුළු රුසියානුවන්ගේ සහය

23 March 2020

ලෝක වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයෙන් දැඩිව පීඩා විදින ඉතාලිය මේ වන විට ඉතිහාසයේ දැවැන්ත කඩා වැටිමකට ලක්ව ඇත. පසුගිය දින කිහිපය පුරාම ඉතාලියේ දිනකට පුද්ගලයින් 600 කට වැඩි ප්‍රමාණයක් කොරෝනා වෛරසයට ගොදුරුව ජිවිතයෙන් සමුගන්නට සිදුවුණා. යුරෝපා සංගමයේද වැඩි අවධානයක් යොමු නොවන ඉතාලියේ සහයට රුසියානුවන් ඉදිරිපත්ව සිටී. රුසියානු ජනාධිපති ව්ලැඩීමීර් පුටින් මහතාගේ ඇතුලු රුසියානු හමුදාව ඊට පෙරමුණ ගෙන ඇත. පුටීන්ගේ නියමයෙන් රුසියානු වෛද්‍ය බලකායට අයත් ගුවන් යානා 08 ක් මේ වන විට ඉතාලියට පැමිණ ඇත්තේ වෛද්‍යාධාර උපකරණ / ජංගම සුවසේවා ඇතුලු තවත් උපකරණ රැසක් ද සමගයි. විශේෂත්වය වන්නේ මෙම බලකායට රුසියානු මිලිටරි සේවයේ වසංගත රෝග පිළිබද මනා අත්දැකීම් ඇති වෛද්‍යවරුන් 100 ක් ද එක්ම සිටීමයි. ඉතාලිය මුහුණ දී සිටින තත්වය පිළිබද අවධානය යොමු කළ රුසියානු ජනාධිපති පුටීන් දුරකතනයෙන් ඉතාලි ජනාධිපතිවරයා ඇමතීය. එහි ප්‍රථිපලයක් ලෙසයි හුදකලා වු ඉතාලියේ සහයට රුසියාව එක්වන්නේ. ඉතාලි මිලිටරි සේවා විසින් රුසියානු සහයක බලකාය හරසරින් පිළිගෙන ඇති අතර ඔවුන් From Russia With Love ලෙස සටහන් කර ඇති ධජ අතැතිව රුසියානු විශේෂ බලකාය පිළිගෙන ඇත.
 

More News..