brand logo

තනි රෝදෙන් වැඩ පෙන්වූ 5ක් නිරෝධායන නීති කඩලා

15 November 2020

නිරෝධායන නීති කඩ කරමින් අධික වේගයෙන් තනි රෝදයෙන් යතුරුපැදියේ ගමන්කළ තරුණයන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පාලගම බදු විල පාරේ දී අද දින (15) කහතුඩුව පොලිසිය විසින් තරුණයන් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කළේය. පැදවූ යතුරුපැදි ද පොලිස් භාරයට ගෙන තිබේ. තරුණයන් පිරිස මෙලෙස අපරික්ෂාකාරීව අධික වේගයෙන් ධාවනය කරන බවට කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාට ලද තොරතුරක් අනුව අදාළ අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..