brand logo

තත්පර ගාණකින් ලක්ෂ ගාණක් හිනස්සන - ජනයි ප්‍රියයි

26 August 2019

ජනයි ප්‍රියයි කිව්වාම කවුද නොදන්නේ. මේක තමා ජනයි ප්‍රියයි කරපු විනාඩියකටත් අඩු පළවෙනි වීඩියෝ ක්ලිප් එක.. ‘පොලිසියෙන් දැක්කද?.... පොලිසියෙන් දැක්කද’ හදිසියේ පාළු පාරක යන මනුස්සයෙක් ළඟට ඇවිත් අහනවා... ‘නැහැ පොලිසිය දැක්කේ නැහැ....’ ‘එහෙනම් ගන්නවා පර්ස් එක’ අර මනුස්සයගේ පර්ස් එක උදුරගෙන දුවනවා. තත්ත්පර ගාණකින් මිනිස්සු හිනස්සන්නේ කොහොමද කියලා අහන්න අපි කතා කළේ ජනාට.... ඔහු නමින් රංග ජයකොඩි.... එක තත්පරයකට මුහුණට හිනාවක් අරගන්න පුළුවන් ක්‍රමයක් තමා ක්ෂණික විහිළු. හැබැයි එය සැබෑම විහිළුවක් විය යුතුයි. ඔබ ජනප්‍රිය වුණේ ටී.වී. එකෙන්ද? නැහැ. අපි නිසා ටී.වී. ජනප්‍රිය වුණා. ඔබගේ ආරම්භය  සරලව ගමක ඉපදුණ කොල්ලෙක්. ජනප්‍රිය වෙන්න හිතලවත් තිබුණේ නැහැ. ජනාටයි ප්‍රියාටයි පාර කැපෙන්නේ කොහොමද? ටී.වී. එකකට එකකට අලුත් වැඩක් කළේ. එතැන චරිතය වුණේ ජනප්‍රියයි - ජනකාන්තයි. හැබැයි ඒක ටී.වී. එකේ ප්‍රචාරය වුණේ නැහැ. අන්තිමට සෝෂල් මීඩියා තෝරාගෙන ඒ ගමන අපේම ගමනක් කරගන්න තීරණය කළා. පළවෙනි වීඩියෝ එක කොච්චර ප්‍රමාණයක් බැලුවද? දෙදහක් විතර තමයි බලලා තිබුණේ. මොකද හිතුණේ? අපි දෙන්නා හිතාගත්තේ එක්කෙනෙක් බැලුවත් ඇති කියලා. දෙදහක් කියන්නේ ඒ වෙලාවේ හැටියට ලොකු ගාණක්. ඊළඟ එක කීයක් බැලුවද? ඊළඟ එක 25000ක් බැලුවා. කිරි කිරි කියන වීඩියෝ එක. ඒක තමයි අපේ ගමනේ සාර්ථකම ආරම්භය. අපිට තේරුණා අපිට ගමනක් තියෙනවා කියලා. ක්ලිප් 20ක් විතර කියලා යූ ටියුබ් පේජ් එකක් පටන් ගත්තා. රූපවාහිනියට ආවේ ජනප්‍රියත්වය වැඩි කරගන්නද? නැහැ. ආරාධනා ලැබුණ නිසා. නමුත් අපි තේරුම් ගත්තා අපේ ජනප්‍රියත්වය කාටවත් දෙන්න ඕනේ නෑ කියලා. ඉක්මනින් අපි ටී.වී. එකෙන් අයින් වුණා. අනික තවත් චූටි මල්ලි කෙනෙක් වෙන්න ඕන නැහැනේ. ආයේ ටී.වී. එකට එන්නේ නැහැ. නැහැ. පැය ගණන් විහිළු කරන්න බැහැ. තත්පර ගාණකින් මිනිස්සු හිනස්සන්නයි ඕනේ. ප්ලෑන් කරලද විහිළු කරන්නේ. අපෝ නැහැ. සමහර වෙලාවට යාළුවන්ට වෙච්ච දේවල්... එහෙම නැත්නම් ක්ෂණිකව හිතලා කරන දේවල්. අපේ යාළුවෙක් උන්නා. උගේ ගේ ළඟින් මාළුකාරයෙක් මාළු කිව්වත් තද වෙනවා. මොකද එයාගේ වයිෆ්ගේ නම මාලා. ඒක නිසා ගේ ළඟින් මාළු කියන්න බැහැ. යූ ටියුබ් එකේ කොච්චර ප්‍රමාණයක කට්ටියක් ඔයාලව බලනවාද? ලක්ෂ ගාණක් බලනවා. එහෙනම් ලක්ෂ ගාණක් උපයනවා ඇති නේද? එහෙම නැහැ. මාසෙකට ලක්ෂයක් විතර ලැබෙනවා. ඒකත් දෙකට බෙදාගන්න ඕනෙනේ. සැබෑ ජීවිතෙත් විහිළුවට බරද? අපි ජීවත් වෙන්නේ විහිළුවෙන්ම තමයි. පාරක ගියත් විහිළුවක් කර කර යනවා. පාටියකට ගියත් එහෙමයි. යාළුවෝ සෙට් වුණාම කියන්නෙත් විහිළු කතා කියන්න කියලා... අපේ මුළු ජීවිතේම විහිළුවක් වෙලා. ඔයාලා දෙන්නා පොඩි කාලේ ඉඳන් යාළුවෝද? චමත් සුදත් රෝහණගේ සහය අධ්‍යක්ෂ කෙනෙක්. මම අයි.ටී.එන්. එකේ ඩිසයිනර් කෙනෙක්. අපි දෙන්නම ප්‍රචාරක ආයතනයක රැකියාවකට එනවා. එතනදී මුණ ගැහෙන්නේ. කොහොමද දෙන්නා සෙට් වෙන්නේ. මම පාදුක්කේ. ප්‍රියා අකුරැස්සේ. ඇස්වහක් නැහැ අපි දෙන්නට තිබුණේ පුදුම සමාන ගතිගුණ ටිකක්. ඒ සමාන ගතිගුණ තමා අපිව එකතු කළේ. ආශ්‍රය කරනකොට අපි හොඳ යාළුවෝ වුණා. ජනයි ප්‍රියයි වගේ දෙයක් කරන්න හිතුණේ. අපේ යාළුවන්ට තමා මේ අදහස පහළ වෙන්නේ. විවේකයක් ලැබුණාම අපි දෙන්නා කතා කියනවා.... ඔය කතාවක් අපේ යාළුවෝ වීඩියෝ කළා. අතේ තිබුණ ෆෝන් එකකින් තමා මුල්ම කතාව වීඩියෝ කළේ. මෙහෙම ගමනක් ගැන හිතුවද? කවදාවත් නැහැ. කලාවෙන් යමක් කරන්න අදහසක් තිබුණා. නමුත් මෙහෙ බ්‍රෑන්ඩ් එකක් අපේ නමින් හැදෙයි කියලා හිතුවේ නැහැ. චූටි මල්ලියි පොඩි මල්ලියි අනුකරණය කළාද? නැහැ. ඔවුන් දෙන්නා ආවේ රූපවාහිනියෙන්. අපි ආවේ සෝෂල් මීඩියාවලින්. අපි රූපවාහිනියට එන්නේ නැත්තේ තවත් චූටි මල්ලි කෙනෙක් පොඩි මල්ලි කෙනෙක් අනවශ්‍ය නිසයි. ලංකාවේ ඩිජිටල් මාධ්‍යයේ විහිළු කරන පළවෙනි දෙන්නා අපි... පාරේ යනකොට ලැබෙන ප්‍රතිචාර කොහොමද? මිනිස්සු කෑගහනවා... ජනා කියලා.... ප්‍රියා කියනවා....සමහරු කිරි කිරි ගානවා.... සමහරු මාලෝ කියනවා. අපිත් ඒ අය එක්ක කෑ ගහලා සතුටින් ඉන්නවා. පාරේ කෑගහනකොට ලැජ්ජාවක් එන්නේ නැද්ද? කේන්ති යන්නේ නැද්ද? අපෝ නැහැ. මේක අපේ රට... කෑගහන්නේ ආදරේටනේ. මම බයිසිකලේ යන සාමාන්‍ය කෙනෙක්. අපි පොරවල් නොවේ. හිනාව විතරයි අපි හොයන්නේ. රසික ආදරය ඔබව පුදුම කරපු අවස්ථා නැද්ද? ජීවිතේට නොදැකපු අය ගෙදරට තෑගි භෝග එවනවා. පුදුමයක් තමයි. ඔබ වටා ඉන්නේ ගැලරියේ පිරිසක් නැහැ. හිනාවෙන්න පුළුවන්. විහිළුවක් රසවිඳින්න පුළුවන් හැම කෙනෙක්ම අපි එක්ක. සාමාන්‍ය ජීවිතයද මේ.ප්‍රියා ටිකක් කතා කරනවා අඩුයි. මගේ සැබෑ ජීවිතේ මෙහෙම කෑකෝ ගහලා තමා ගතවෙන්නේ. විවාහ වෙලාද? හපොයි ඔව්. බබාලා දෙන්නෙක් ඉන්නවා. බිරිඳ කැමැතිද මේ වැඩේට? අවුලක් නැහැ. ළමයින්ට ලැජ්ජා වෙන අවස්ථා නැද්ද? අපෝ නැහැ. ලොක්කට දහයයි. පොඩ්ඩට අටයි. පුතාගේ ඉස්කෝලේ අම්මලාගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර තියෙනවා. හිනස්සන එක ලැජ්ජාවට කාරණාවක් නෙවේනේ. පුතාලා දෙන්නා ඔබව අනුකරණය කරන්නේ නැද්ද? තාම නැහැ. හැබැයි අපව අගය කරනවා. කැමැතිද දරුවොත් මේ පාරෙම යනවට? කලා හිතක් තියෙන සංවේදී හදවතක් දරුවන්ට ලැබෙනවට මම කැමැතියි. කොච්චර වීඩියෝ කරලා තියෙනවද? 170ක් විතර කරලා තියෙනවා. ඉදිරියේදී සිකුරු හතේ වගේ ෆිල්ම් එකක් කරන්න කැමැතියි. ඔය අතරින් කැමැතිම වීඩියෝ එක? බීලා කෑගහලා දඟලලා කරන සීන්වලට කැමැතියි. සතුටම තමයි අපිත් හොයන්නේ. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..