brand logo

තණමල්විලෙන් හිමිකරුවෙකු නොමැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගැනේ

30 May 2019

තණමල්විල කුමාරගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී හිමිකරුවෙකු නොමැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගෙන ඇත. විදුලි ඩෙටනේටර් 1 ක්, බයිසිකල් බෝල ග්‍රෑම් 195 ක් අඩංගු පාර්සල් එකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 5 ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 50 ක්, ඇමෝනියා නයිට්‍රේට් ග්‍රෑම් 215ක්, ගිනි පෙට්ටි 10 ක්, වයර් ඇතුලූ ද්‍රව්‍ය රැසක් ඊයේ (29) දින මෙලෙස සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
 

More News..