brand logo

තංගල්ල ,නාවලපිටිය සහ වැලිගම නගර සභාපතිවරු තනතුරු අත්හරී

17 June 2021

තංගල්ල ,නාවලපිටිය සහ වැලිගම යන නගර සභාවල සභාපතිවරුන් එම තනතුරු අතහැර ඇති බවට ගැසට් නිවේදන 03ක් නිකුත්කර තිබේ. ගැසට් නිවේදන තුන එම නගර සභාවල තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කරනු ලැබීය. ඒ අනුව මෙසේ තනතුරු අතහැරීම සිදුකර ඇත්තේ තංගල්ල නගර සභාවේ සභාපති රවිඳු දිල්ශාන් ,නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව සහ වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ධනුෂ්ක විජයරත්න ජයවික්‍රම යන තිදෙනායි. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් ඔවුන් තිදෙනා ඉවත් කර ඇති හෙයින් ඔවුන් විසින්ම එම තනතුරු අතහැර දමනු ලැබ ඇතැයි එම ගැසට් නිවේදන වල සඳහන් වෙයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 10අ (1)(අ) වගන්තිය යටතේ එම නගර සභාවල තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන නිකුත්කර තිබේ. මේ සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභා ශාලාවේදී ඊයේ (16) පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් දැක්වූ නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සසංක සම්පත් සංජීව මහතා පැවසුවේ තමා තනතුරින් ඉවත් වුණත් නගර සභාවේ උප සභාපතිවරයා සභාපති පුටුවට පත් කරන බවය. ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ සමගි ජන ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නාවලපිටිය ආසන සංවිධායක ධුරය ලබාදී ඇති බැවින් ජනතාව සමග එකතු වී එම පක්ෂය වෙනුවෙන් හැකි උපරිමය කරන බවයි.
 

More News..