brand logo

ණය සහනෙත් නවතී

12 October 2020

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ණය සහනදායක මණ්ඩලයේ සහ කාර්යාලයීය සියලුම මහජන කටයුතු තාවකාලිකව අත්හිටුව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව සියලුම මහජන කටයුතු සහ සියලුම මණ්ඩලයීය රැස්වීම් වාර අත්හිටුවා ඇති බවයි. දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම මහජනතාව ණය සහනදායක මණ්ඩලයේ කාර්යාල වලට පැමිණීම හේතුවෙන් එය අවධානම් සහගත බැවින් ඔවුන් මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත රැස්වීම් වාර දිනයන් සියලුම පාර්ශවයන්ට ලිපි මගින් දැනුම්දීමට කටයුතු කරන බව දැනුම්දෙන ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව වැඩිදුර විමසීම සදහා 0112 697911 දුරකථන අංකයද ලබාදී තිබේ.
 

More News..