brand logo

ණයට ගන්න යන කොවිඩ් එන්නත

20 December 2020

කොවිඩ් එන්නත මිලදීගැනීම සඳහා රජය රුපියල් බිලියන 10ක ණය මුදලක් අපේක්ෂාවෙන් සාකච්ඡා අරඹා ඇති බව පැවසෙනවා. ලෝක බැංකුව සමඟ මෙරට රජය සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර තිබේ. එලෙස සිදුවන සාකච්ඡා අතරේ ආසියානු සංවර්ධන බැංකුව සහ යුරෝපා සංගමය යනාදියෙන් ද අරමුදල් ලබාගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කර ඇතැයි එම නිලධාරියා සඳහන් කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් කෙරෙන ජාත්‍යන්තර එන්නත් වැඩසටහන යටතේ මෙරට ජනගහනයෙන් සියයට 20කට එන්නත ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය දැනටමත් සඳහන් කර ඇත. ආනයනය කරන එන්නත පිරිවැය ඵලදායීතාව මත අදාළ එන්නත් ආනයනය කිරීමේ වියදම තීරණය වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ප්‍රධානයන් වශයෙන් එන්නත ලබාගැනීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානයක් යොමුකර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. එසේම එන්නත් මිලදී ගැනීම සහ ඒවා ගබඩා කිරීමේ ක්‍රියාවලියේදී වැඩි වියදම් දැරීමට සිදුවනු ඇත්තේ ඍණ උෂ්ණත්ව තත්ත්ව යටතේ ඒවා තබාගත යුතු බැවින් යයි ද ඔහු සඳහන් වනවා.
 

More News..