brand logo

ඩොලර් නෝට්ටු ලබා දෙන බවට පවසා ලක්ෂ 8ක් වංචා කල අයෙක් මාට්ටු

04 July 2019

ඩොලර් නෝට්ටු ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 8 ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක් අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරණ අතර සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී ඇමරිකානු ඩොලර් 100 යේ ව්‍යාජ නෝට්ටු 50 ක් පොලිස් භාරයට ගෙන ඇත. මොහු තෙඹුවන - කඩවීථිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි.
 

More News..