ඩොලරය රුපියල්163 දක්වා ඉහළ ට
05 September 2018
ඩොලරය රුපියල්163 දක්වා ඉහළ ට
05 September 2018
ඇමරිකානු ඩොලරයේ අගය අද (5දා) වනවිට රුපියල් 163 දක්වා ඉහළ ගොස් ඇතැයි මහබැංකුව පවසයි. යහපාලන ආණ්ඩුවේ පළමු අවුරුද්ද ගෙවෙන විට, රුපියල් 142 ක් වූ ඩොලරයේ අගය ආණ්ඩුවේ දෙවන අවුරුද්ද ගෙවෙන විට එම අගය රුපියල් 150 ක් දක්වා ඉහළ ගියේය. එසේ මුල් අවුරුදු දෙක තුළ වසරක් පාසා රුපියල් 8 බැගින් ඉහළ ගිය ඇමරිකානු ඩොලරයේ අගය ආණ්ඩුවේ තුන් වන අවුරුද්ද අවසන් වීමටත් ප්‍රථමයෙන් රුපියල් 13කින් ඉහල ගොස් ඇත.ආණ්ඩුව බලයට පත්වන විට, එනම් 2015 අගෝස්තු වන විට ඩොලරයේ අගය රුපියල් 134 ක් විය.
- සුරේඛා සමරසේන