brand logo

ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට

13 January 2021

    ඇමෙරිකාවේ ඩොලරයට සාපේක්ෂව අද (13) වන විට රුපියලේ අගය නැවතවරක් 194ක් දක්වා පහළ ගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (13) ඩොලරයේ විකුණුම් අගය රුපියල් 194.07ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 190.33ක් ලෙසත් දක්වා ඇත. මින් පෙර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 194ක් දක්වා පහල ගියේ දෙසැම්බර් මස 24 වැනිදායි. කෙසේ වෙතත් මේ මස මුල් සතියේදී රුපියල යම් ස්ථාවර මට්ටමක් පෙන්නුම් කළ ද මේ වනවිට රුපියලේ අගය නැවතත් පහළ යෑමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරනවා. ජනවාරි පළමුවනදා සිට පසුගිය 8 වනදා දක්වා ඩොලරයට සාපේක්ෂව රුපියල 0.5% කින් වෙනස් වී තිබෙනවා. එමෙන්ම ඊයේ (12) මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය රුපියල් 193.65ක් වූ අතර ගැනුම් අගය රුපියල් 188.49ක් ලෙස දක්වා තිබුණා.
 

More News..