brand logo

ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ්

02 October 2020

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරනුයේ ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන "හෝප් හික්ස්" කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයෙන් අනතුරව ඔවුන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවයි. තමා සහ බිරිඳ අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විට යොමු වී ඇති බව ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. කොරෝනා වෛරස ආසාදිත බව තහවුරු වී ඇති හෝප් හික්ස් මීට දින කිහිපයක පෙරදී පැවති ටෙලිවිෂන් වාදයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඔහායෝ දක්වා ගමන් කරන විට "Air Force One" ගුවන්යානයේ ඇය ද ගමන් කර තිබේ.
 

More News..