brand logo

ඩේල් ස්ටේන් ලොව සුපිරි පන්දු යවන්නන් තිදෙනෙකුගේ වාර්තා බිඳදමයි

15 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීම ඩේල් ස්ටේන් වාර්තා පොත් අලුත් කිරීමට සමත්ව තිබෙනවා. ඒ පන්දු යැවීමෙන්. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලබාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටි ඩේල් ස්ටේන් 7 වැනි ස්ථානය දක්වා පැමිණීමට ඊයේ (14) සමත් වුණා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුළු 4ක් ලබාගනිමින්. ඩේල් ස්ටේන් මේ වන විට දවාගෙන තිබෙන් ටෙස්ට් කඩුළු සංඛයාව 437ක්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් විසින් දවාගෙන තිබූ ටෙස්ට් කඩුළු 433 සීමාව ඩේල් ස්ටේන් විසින් පසුකර තිබෙනවා. රංගන හේරත්ට අමතරව, ස්ට්‍රව්ස් බෝර්ඩ් සහ කපිල් දේව්ගේ ද ටෙස්ට් කඩුළු සීමාව ඩේල් ස්ටේන් විසින් ඊයේ දින පසු කිරීමට සමත් වුණා. වයස අවුරුදු 35ක් වන ඩේල් ස්ටේන් දකුණු අප්‍රිකානු ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුළු දවාගත් එකම පන්දු යවන්නා ද වනවා.
 

More News..